Ultimate magazine theme for WordPress.

17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය නිවේදනය කෙරේ

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙත් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට අයත් වනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (23) දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

විස්සයි 20 තරගාවලිය එළඹෙන 27, 30 හා අප්‍රේල් තෙවැනිදා පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලියේ තරග අප්‍රේල් 9, 13 හා 17 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

The Squad

1) Chamari Athapaththu – Captain
2) Vishmi Gunaratne
3) Nilakshi de Silva
4) Harshitha Samarawickrama
5) Kavisha Dilhari
6) Hasini Perera
7) Anushka Sanjeewani
8) Oshadi Ranasinghe
9) Udeshika Prabodhani
10) Inoka Ranaweera
11) Achini Kulasuriya
12) Hansima Karunaratne
13) Imesha Dulani
14) Kawya Kavindi
15) Inoshi Fernando
16) Sugandika Kumari
17) Prasadini Weerakkody

Leave a comment