ෆ්‍රේසර්-මැක්ගර්ක් T20 හා එක්දින සංචිතයට ; මැක්ස්වෙල් හා ස්ටක් T20 සංචිතයට නැහැ

පර්ත් ස්කෝචර්ස් හා බටහිර ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක 20 හැවිරිදි Cooper Connolly පළමු වරට ඔස්ට්‍රේලියානු ජාතික සංචිතයට නම් කර තිබෙනවා. ඒ, ස්කොට්ලන්තය හා එංගලන්තය සමග පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලි වෙනුවෙනුයි.
ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් විස්සයි 20 හා එක්දින සංචිත දෙක සදහාම නම් කිරීමටයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය සැප්තැම්බර් 4, 6 හා 7 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, එංගලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සැප්තැම්බර් 11, 13 හා 15 යන දිනවලදී පැවැත්වෙනවා. අනතුරුව ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර තරග 5 කින් යුත් එක්දින තරගාවලියක් සැප්තැම්බර් 19 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.
ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ සංචිතය හා සැසදීමේ දී විස්සයි 20 සංචිතයෙන් ඇෂ්ටන් ඒගාර් හා මැතිව් වේඩ් ඉවත් කර තිබෙනවා.
ජොෂ් ඉන්ග්ලිස් කඩුලු රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති අතර, පැට් කමින්ස් විස්සයි 20 තරගාවලියන්ගෙන් හා එක්දින තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.
ග්ලේන් මැක්ස්වෙල් හා මිචෙල් ස්ටක් විස්සයි 20 තරගාවලි සදහා නම් කර නොමැති අතර, ඔවුන් දෙදෙනා එක්දින තරගාවලිය සදහා පමණක් ක්‍රීඩා කරනු ඇති.
මැතිව් ශෝර්ට් හා ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින් මැතිව් ශෝර්ට්ට විස්සයි 20 තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඔහු ස්ටීවන් ස්මිත්, මර්නස් ලබුෂේන්, ඇලෙක්ස් කෙරී හා ශෝන් ඇබෝර්ට් සමග එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා එක්දින සංචිතය සමග එක්වීමට නියමිතයි.
Australia’s T20I squad vs Scotland and England:
Mitchell Marsh (c), Xavier Bartlett, Cooper Connolly, Tim David, Nathan Ellis, Jake Fraser-McGurk, Cameron Green, Aaron Hardie, Josh Hazlewood, Travis Head, Josh Inglis (wk), Spencer Johnson, Marcus Stoinis, Adam Zampa
Australia ODI squad vs England:
Mitchell Marsh (c), Sean Abbott, Alex Carey (wk), Cameron Green, Nathan Ellis, Jake Fraser-McGurk, Aaron Hardie, Josh Hazlewood, Josh Inglis (wk), Travis Head, Marnus Labuschagne, Glenn Maxwell, Matthew Short, Steven Smith, Mitchell Starc, Adam Zampa