හෙන්රිගේ කඩුලු ත්‍රිත්වය පසෙකලා රවුෆ්ගේ කඩුලු 4 පාකිස්තානයට දැවැන්ත ජයක් ගෙනෙයි
Match Report

හැරිස් රවුෆ් ලකුණු 18 කට බිද හෙලූ කඩුලු 4 හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 88 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගැනීමට පාකිස්තානය සමත් වුණා.
ලාහෝර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 182 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 15.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94 ක් පමණයි.
මාර්ක් චැප්මන් ලකුණු 34 ක්, ටොම් ලේතම් ලකුණු 20 ක් හා ජේම්ස් නීෂම් ලකුණු 15 ක් රැස් කළා. හැරිස් දවා ගත් කඩුලු 4ට අමතරව ඉමාඩ් වසීම් එක් පන්දුවාරයකදී ලකුණු 2 කට කඩුලු 2 ක් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් ෆකාර් සමාන් හා සයිම් අයුබ් ලකුණු 47 බැගින් ලබා ගත්තා. ෆහීම් අශ්රෆ් ලකුණු 22 යි.
පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත් අතර, එම කඩුලු තුනම පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කිරීමට ඔහු සමත් වුණා. 13 වැනි පන්දුවාරයේ පස්වැනි හා 6 වැනි පන්දුවලදී සහ 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී යි ඔහු මෙලෙස කඩුලු ත්‍රිත්වයක් බිද හෙලුවේ. (දර්ශන පහතින්)
ඇඩම් මිල්න් හා බෙන් ලිස්ටර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
Shadab Khan ☝️
Iftikhar Ahmed ☝️
Shaheen Afridi ☝️A hat-trick for Matt Henry in the first T20I at the GSL. #PAKvNZ | #CricketMubarak pic.twitter.com/h6bZP6O1hM
— Pakistan Cricket (@TheRealPCB) April 14, 2023