Ultimate magazine theme for WordPress.

හෙට සිට ශ්‍රී ලංකා A – ලයන්ස් තරග නරඹන්න ප්‍රේක්ෂකයින්ටත් අවස්ථාව

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(7) ආරම්භ වනවා.

දෙවැනි තරගය ද ගාල්ලේ දී පැවැත්වෙන අතර, පළමු දිනය පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය පසුගිය 3 වැනිදා අවසන් වුණේ ජය පරාජයකින් තොරවයි.

මේ අතර, හෙට ඇරඹෙන තරගයේ සිට එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සෙසු සියලු තරග ක්‍රීඩාංගනයට පැමිණ නැරඹීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමකින් තොරව එම තරග නැරඹිය හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙවැනි සිව්දින තරගයෙන් පසුව කණ්ඩායම් දෙක අතර එක්දින තරග 3 ක් ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.