Ultimate magazine theme for WordPress.

හෙට තරගයේ දී දෙදෙනෙකුට එක්දින වරම් ? එක්දින තරගාවලිය ගැන දසුන් කරුණු පහදයි

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

හෙට(2) හම්බන්තොට දී ආරම්භ වන එක්දින තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පැවැති මධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දසුන් ඒ බව සදහන් කළා.

එළඹෙන 18 වැනිදා සිම්බාබ්වේ හී දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය යොදා ගන්නා බැවින් ඇෆ්ඝනිස්ථානයට එරෙහි තරගාවලියේ දී කණ්ඩායම සදහා සංයුති කිහිපයක් අත්හදා බැලීමට නියමිත බව ද ශ්‍රී ලංකා නායකයා අවධාරණය කර සිටියා.

මේ අතර, වනිදු හසරංගගේ ආබාධය හේතුවෙන් සංචිතයට කැදවා සිටින පා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තට හෙට තරගයේ දී එක්දින වරම් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද දසුන් ශානක මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කළා.

එමෙන්ම අයි.පී.එල් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ මතීෂ පතිරණට ද හෙට පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී එක්දින වරම් දිනා ගැනීමට අවස්ථාවක් පවතින බවයි ඔහු කියා සිටියේ.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන දිමුත් කරුණාරත්න හා ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායම සමග එක්වීම තුළින් කණ්ඩායමේ ශක්තිය තවදුරටත් වර්ධනය වනු ඇති බව ද දසුන් පවසා සිටියා.

Leave a comment