හිටපු 19න් පහළ ශ්‍රී ලංකා නායකයෙකු වෙඩි වැදීමකින් මරුට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ධම්මික නිරෝෂන නාදුනන තුවක්කුකරුවෙකු විසින් කළ වෙඩි තැබීමකින් මිය ගොස් තිබෙනවා.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට දී ධම්මික නිරෝෂන මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මියයන විට 41 වන වියේ පසු වූ ඔහු 2002 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.