Ultimate magazine theme for WordPress.

හැරිස් රවුෆ් PSL තරගාවලියෙන්ම ඉවතට

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ්ට මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි සියලු තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, Lahore Qalandars කණ්ඩායම නියෝජනය කරන ඔහුගේ උරහිසක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

කරච්චි කිංග්ස් කණ්ඩායම සමග සෙනසුරාදා පැවැති තරගයේ දී ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නා. එම තරගයේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී යි ඔහුගේ උරහිසක මෙම ආබාධය සිදු වුණේ.

ඒ අනුව සති 4-6 අතර කාලයක් ඔහුගේ ආබාධය සුව වීම සදහා ගත වන බවයි Qalandars කණ්ඩායම සදහන් කළේ.

“The medical panel, after consultation, concluded that he needs four to six weeks to recover, forcing him to miss the PSL season,” යනුවෙන් Qalandars කණ්ඩායම නිකුත් කළ නිවේදනයක සදහන්.

Leave a comment