හර්ෂිතාත් විදෙස් ලීග් තරගාවලියක් සමග ගිවිසුම්ගත වෙයි

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකාරිණියක් වන හර්ෂිතා සමරවික්‍රමට 2024 කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා.
ඒ, ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ඔස්ට්‍රේලියාවේ මැග් ලෙනින් ආබාධයකට ලක් වීම හේතුවෙන්.
ඒ අනුව ලෙනින් වෙනුවට හර්ෂිතා එම කණ්ඩායමට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩිකාවන් ලෙස Shikha Pandey, Jemimah Rodrigues හා Jess Jonassen යන ක්‍රීඩිකාවන් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.
චමරි අතපත්තු හැරුණු විට විදෙස් ලීග් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම්ගත වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසයි හර්ෂිතා ඉතිහාසගත වන්නේ.