Ultimate magazine theme for WordPress.

සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා. ඒ, තරගාවලියේ 15 වැනි තරගයේ දී අයර්ලන්තය පරදා ලකුණු 133 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

Match Report : දිමුත්ගේ ශතකය හා වනිදුගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකාව සුපිරි 6 වටයට ගෙන යයි ; අයර්ලන්තය ඉවතට

ශ්‍රී ලංකාවට අමතරව ස්කොට්ලන්තය හා ඕමානය ද B කාණ්ඩයෙන් සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තා. A කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබුවේ සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්.

සුපිරි 6 වටයේ තරග ජූනි 29 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එම වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 30 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ නෙදර්ලන්තයට එරෙහිවයි.

මූලික වටයේ දී ඒ ඒ කණ්ඩායම් කුමන ස්ථානයක් හිමි කර ගත්ත ද (සුපිරි හය වටයට සුදුසුකම් ලැබුවහොත්), A කාණ්ඩයේ පළමු කණ්ඩායම හෙවෙත් A1 ස්ථානය කොදෙව්වන්ටත්, දෙවැනි ස්ථානය (A2) සිම්බාබ්වේ කණ්ඩායමටත් හිමි වන බව අයි.සී.සීය නිවේදනය කර තිබුණා.

ඊට අනුව B කාණ්ඩයේ පළමු කණ්ඩායම හෙවෙත් B1 ස්ථානය ශ්‍රී ලංකාවටත්, දෙවැනි ස්ථානය(B2) අයර්ලන්තයටත් හිමිව තිබුණා. කෙසේ වෙතත්, අයර්ලන්තය සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තේ නැහැ.

සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන – 

  • Friday, 30 June
    Super 6: Netherlands (A3) v Sri Lanka (B1), Queen’s Sports Club, Bulawayo
  • Sunday, 2 July
    Super 6: Zimbabwe (A2) v Sri Lanka (B1), Queen’s Sports Club, Bulawayo
  • Friday, 07 July
    Super Six: West Indies (A1) v Sri Lanka (B1), Harare Sports Club
Leave a comment