සුපිරි කණ්ඩායම් 8 තහවුරු වෙයි – සුපිරි අටේ කාලසටහන මෙන්න

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයට ක්‍රීඩා කරන රටවල් අට මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ, නේපාලය පරදා බංග්ලාදේශය ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
ඒ අනුව A කාණ්ඩයෙන් ඉන්දියාව හා සම සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපදයත්, B කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව හා එංගලන්තයත්, C කාණ්ඩයෙන් ඇෆ්ඝනිස්තානය හා සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශයත් සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගත්තා.
2014 ලෝක ශූර ශ්‍රී ලංකාව, 2009 ලෝක ශූර පාකිස්තානය මෙන්ම ප්‍රබල නවසීලන්තයට මෙවර තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීම කැපී පෙනුණා.
සුපිරි 8 වටයේ දී කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී පළමු කාණ්ඩයෙන් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය ද, දෙවැනි කාණ්ඩයෙන් ඇමෙරිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්වන් හා දකුණු අප්‍රිකාව ද තරග වැදීමට නියමිතයි.
සුපිරි 8 වටයේ තරග එළඹෙන 19 වැනිදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සුපිරි අට වටය යටතේ පැවැත්වෙන පළමු තරගය සදහා ක්‍රීඩා කරන්නේ ඇමෙරිකාව හා දකුණු අප්‍රිකාවයි.
බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ඇති කණ්ඩායම වන ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 20 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව ද, දෙවැනි තරගය එළඹෙන 22 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ද, තෙවැනි තරගය එළඹෙන 24 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ද පැවැත්වීමට නියමිතයි.
Fixtures (SLST)
19 June: USA v South Africa, North Sound, Antigua (8:00 pm)
20 June: England v West Indies, Gros Islet, St Lucia (6:00 am)
20 June: Afghanistan v India, Bridgetown, Barbados (8:00 pm)
21 June: Australia v Bangladesh, North Sound, Antigua (6:00 am)
21 June: England v South Africa, Gros Islet, St Lucia (8:00 pm)
22 June: USA v West Indies, Bridgetown, Barbados (6:00 am)
22 June: India v Bangladesh, North Sound, Antigua (8:00 pm)
23 June: Afghanistan v Australia, Arnos Vale, St Vincent (6:00 am)
23 June: USA v England, Bridgetown, Barbados (8:00 pm)
24 June: West Indies v South Africa, North Sound, Antigua (6:00 am)
24 June: Australia v India, Gros Islet, St Lucia (8:00 pm)
25 June: Afghanistan v Bangladesh, Arnos Vale, St Vincent (6:00 am)