සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කාලසටහන හා කාණ්ඩ නිවේදනය කෙරේ

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී කණ්ඩායම් කාණ්ඩගත කර ඇති ආකාරය හා තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(23) නිවේදනය කළා.
සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිතයි.
1996 ලෝක ශූර ශ්‍රී ලංකාව එහි B කාණ්ඩයෙන් තරග වදින අතර, දෙවරක් ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම A කාණ්ඩයෙන් තරග කිරීමට නියමිතයි.
මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.
A කාණ්ඩය සදහා කොදෙව්වන්ට අමතරව සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් ද ඇතුළත්.
සෑම කණ්ඩායමක්ම මූලික වටයේ දී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, කාණ්ඩ දෙකේම පළමු ස්ථාන තුන හිමි කර ගන්නා කණ්ඩායම් 6 සුපිරි හය වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා.
සෑම කණ්ඩායමක්ම මූලික වටයේ දී ලබා ගන්නා ප්‍රසාද ලකුණු ද (සිය කාණ්ඩයේ අවසන් ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හැර) සුපිරි 6 වටය සදහා රැගෙන යනවා.
සුපිරි හය වටයේ දී සෑම කණ්ඩායමක්ම ප්‍රතිවිරුද්ධ කාණ්ඩයෙන් තේරී පත් වූ කණ්ඩායම් තුනට එරෙහිව තරග කිරීමට නියමිතව තිබෙනවා.
සුපිරි හය වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහා තරගයට හා ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.
Qualifier Fixtures (All matches start at 9:00am local time)
- Sunday, 18 June
Zimbabwe v Nepal, Harare Sports Club
West Indies v USA, Takashinga Cricket Club - Monday, 19 June
Sri Lanka v UAE, Queen’s Sports Club
Ireland v Oman, Bulawayo Athletic Club - Tuesday, 20 June
Zimbabwe v Netherlands, Harare Sports Club
Nepal v USA, Takashinga Cricket Club - Wednesday, 21 June
Ireland v Scotland, Queen’s Sports Club
Oman v UAE, Bulawayo Athletic Club - Thursday, 22 June
West Indies v Nepal, Harare Sports Club
Netherlands v USA, Takashinga Cricket Club - Friday, 23 June
Sri Lanka v Oman, Queen’s Sports Club
Scotland v UAE, Bulawayo Athletic Club - Saturday, 24 June
Zimbabwe v West Indies, Harare Sports Club
Netherlands v Nepal, Takashinga Cricket Club - Sunday, 25 June
Sri Lanka v Ireland, Queen’s Sports Club
Scotland v Oman, Bulawayo Athletic Club - Monday, 26 June
Zimbabwe v USA, Harare Sports Club
West Indies v Netherlands, Takashinga Cricket Club - Tuesday, 27 June
Sri Lanka v Scotland, Queen’s Sports Club
Ireland v UAE, Bulawayo Athletic Club - Thursday, 29 June
Super 6: A2 v B2, Queen’s Sports Club - Friday, 30 June
Super 6: A3 v B1, Queen’s Sports Club
Playoff: A5 v B4, Takashinga Cricket Club - Saturday, 1 July
Super 6: A1 v B3, Harare Sports Club - Sunday, 2 July
Super 6: A2 v B1, Queen’s Sports Club
Playoff: A4 v B5, Takashinga Cricket Club - Monday, 3 July
Super 6: A3 v B2, Harare Sports Club - Tuesday, 4 July
Super 6: A2 v B3, Queen’s Sports Club
Playoff: 7th v 8th Takashinga Cricket Club - Wednesday, 5 July
Super Six: A1 v B2, Harare Sports Club - Thursday, 6 July
Super Six: A3 v B3, Queen’s Sports Club
Playoff: 9th v 10th Takashinga Cricket Club - Friday, 07 July
Super Six: A1 v B1, Harare Sports Club - Sunday, 09 July
Final, Harare Sports Club