Ultimate magazine theme for WordPress.

සිසන්ඩා මාගලාටත් IPL වරම්

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක සිසන්ඩා මාගලා සමග චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ගිවිසුම් ගත වී තිබෙනවා.

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය වෙනුවෙන් ඔහු සමග එම කණ්ඩායම එලෙස ගිවිසුම්ගත වී ඇත්තේ ආබාධයකට ලක්ව සිටින නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන් වෙනුවටයි.

ජමීසන් මෙවර තරගාවලිය සදහා චෙන්නායි කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටියක මිලකට මිලදී ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ඔහු මේ වන විට පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහුට මාස කිහියයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබෙනවා.

Leave a comment