සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට මාස 4 කට ක්‍රිකට් තහනම්

සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන Wessly Madhevere හා Brandon Mavuta ට මාස හතරක කාලයක් සදහා ක්‍රිකට් තහනමක් පැනවීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, ඔවුන් තහනම් මත්ද්‍රව්‍යක් (recreational drug) ලබා ගත් බවට සනාථ වීම හේතුවෙන්.
ක්‍රිකට් තහනමට අමතරව ජනවාරි මාසයේ සිට මාස තුනක කාලයක් සදහා ඔවුන්ගේ වැටුපට 50%ක දඩ මුදලක් පැනවීමට ද එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඔවුන්ට අමතරව 2021 වසරේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති Kevin Kasuza ට ද තාවකාලික ක්‍රිකට් අත්හිටුවීමක් පනවා ඇත්තේ පසුගිය සතියේ දී ඔහු ද තහනම් මත්ද්‍රව්‍යක් ලබා ගෙන ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.
Wessly Madhevere හා Brandon Mavuta තහනම් මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇති බවට පසුගිය මාසයේ දී අනාවරණය වී තිබූ අතර, ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට වහාම ක්‍රිකට් අත්හිටුවීමක් පනවනු ලැබුවා.
පසුගිය බදාදා සිදු කෙරුණු විභාගයකදී එම ක්‍රීඩකයින් දෙදෙනා සිය වරද පිළිගෙන තිබෙනවා.