සිම්බාබ්වේ කණ්ඩායමේ නව පුහුණුකරුවන් නම් කෙරේ

දකුණු අප්රිකා හිටපු වේග පන්දු යවන ක්රීඩකයෙකු වන Charl Langeveldt සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
එමෙන්ම සිම්බාබ්වේ හිටපු පිතිකරුවෙකු වන Stuart Matsikenyeri සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසයි පත් කර ඇත්තේ.
කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස Justin Sammons පත් කරන තුරු Stuart Matsikenyeri සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.
සිම්බාබ්වේ කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ Dion Ebrahim.
මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායමේ හා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස Hilton Moreeng පත් කර තිබෙනවා.
2023 වසරේ දී කොන්ත්රාත් ගිවිසුම් කාලය අවසන් වූ ශිව්නරීන් චන්දර්පෝල් වෙනුවටයි මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ.