Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ ඉවතට විසි කරමින් උගන්ඩාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට උගන්ඩාව අද(30) සමත් වුණා.

අයි.සී.සී පිරිමි ලෝක කුසලාන තරගාවලියක් සදහා උගන්ඩාව සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය ලෙසයි ඉතිහාසගත වන්නේ.

උගන්ඩාව මෙලෙස 20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එම අවස්ථාව අද අහිමි වී ගියා.

අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ අද රුවන්ඩාව සමග පැවැති තරගයෙන් ජය ගැනීමත් සමග උගන්ඩාව මෙලෙස ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින්.

ඔවුන්ට අමතරව නැමීබියාව ද 20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් 20 –

  1. West Indies (Hosts)
  2. United States (Hosts)
  3. Australia (Top 8 teams from the 2022 tournament)
  4. England (Top 8 teams from the 2022 tournament)
  5. India (Top 8 teams from the 2022 tournament)
  6. Netherlands (Top 8 teams from the 2022 tournament)
  7. New Zealand (Top 8 teams from the 2022 tournament)
  8. Pakistan (Top 8 teams from the 2022 tournament)
  9. South Africa (Top 8 teams from the 2022 tournament)
  10. Sri Lanka (Top 8 teams from the 2022 tournament)
  11. Afghanistan (Next 2 teams from the rankings)
  12. Bangladesh (Next 2 teams from the rankings)
  13. Ireland (Europe Qualifier)
  14. Scotland (Europe Qualifier)
  15. Papua New Guinea (East Asia-Pacific Qualifier)
  16. Canada (Americas Qualifier)
  17. Nepal (Asia Qualifier)
  18. Oman (Asia Qualifier)
  19. Namibia (Africa Qualifier)
  20. Uganda (Africa Qualifier)
Show Comments (1)