ස්ටොක්ස් විසින් සිය පුහුණුකරුගේ ලෝක වාර්තාව බිද දමයි
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් අද (18) සමත් වුණා.
ඒ, නවසීලන්තය සමග Mount Maunganui හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී ටෙස්ට් දිවියේ සිය 108 වැනි හයේ පහර එල්ල කරමින්.(දර්ශන පහතින් නරඹන්න)
එංගලන්ත දෙවැනි ඉනිමේ දී බෙන් ස්ටොක්ස් ලකුණු 31 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් ද සමගින්.
ඒ අනුව ඔහු මේ වන විට ටෙස්ට් තරග 90 කදී ඉනිම් 164 ක් තුළ හයේ පහර 109 ක් එල්ල කිරීමට සමත්ව සිටිනවා.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ නවසීලන්ත හිටපු නායක හා වත්මන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු වන බ්‍රෙන්ඩන් මැකලම් විසින්.
ඔහු තරග 101 කදී ඉනිම් 176 ක් තුළ එල්ල කර තිබූ හයේ පහර සංඛ්‍යාව 107 ක්.
ටෙස්ට් ඉතිහාසයේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් වාර්තා කර ඇති පිතිකරුවන් 10 දෙනා –
-
- බෙන් ස්ටොක්ස් – හයේ පහර 109
- බ්‍රෙන්ඩන් මැකලම් – හයේ පහර 107
- ඇඩම් ගිල්ක්‍රිස්ට් – හයේ පහර 100
- ක්‍රිස් ගේල් – හයේ පහර 98
- ජැක් කලිස් – හයේ පහර 97
- විරේන්ද ෂෙවාග් – හයේ පහර 91
- බ්‍රයන් ලාරා – හයේ පහර 88
- ක්‍රිස් කෙයාන්ස් – හයේ පහර 87
- විවියන් රිචර්ඩ්ස් – හයේ පහර 84
- ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් – හයේ පහර 82
Anything McCullum can do… Stokes can do better 🔥
The Captain overtakes the Boss to change the record books for most sixes in Test match history 📚#NZvENG pic.twitter.com/IgPTeahU5D
— Cricket on BT Sport (@btsportcricket) February 18, 2023