සර්ෆරාස් වෙනුවට ගාලු කණ්ඩායමට තාවකාලික ක්‍රීඩක ආදේශ කිරීමක්

ඔස්ට්‍රේලියානු පිතිකරු බෙන් ඩන්ක් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පාකිස්තානයේ සර්ෆරාස් අහ්මඩ් වෙනුවට තාවකාලිකව බෙන් ඩක්න් කණ්ඩායමට ආදේශ කර ඇති බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.
ඒ, සර්ෆරාස් අහ්මඩ් මේ වන විට පාකිස්තාන ජාතික කණ්ඩායම සමග එක්ව සිටින බැවින්.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.