Ultimate magazine theme for WordPress.

සදකැන් සහ චාමික ශ්‍රී ලංකා සංචිතය සමග එක් වෙයි

ලක්ෂාන් සදකැන් සහ චාමික කරුණාරත්න අද(26) දිනයේ දී බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සමග එක්ව තිබෙනවා.

ඒ, අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

ආබාධවලට ලක්ව සිටින ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මදුෂංක වෙනුවටයි ලක්ෂාන් සදකැන් සහ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට තේරීම් කමිටුව විසින් නම් කර තිබුණේ.

ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අද(26) පස්වරුවේ නිල වශයෙන් තහවුරු කළා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 29 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

Leave a comment