Ultimate magazine theme for WordPress.

සතියකට පසු ඇන්ඩර්සන්ට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය අහිමි වෙයි

නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(1) නිවේදනය කළා.

ඊට අනුව පසුගිය සතියේ දී ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගත් එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්ට සිය ස්ථානය අහිමි වී තිබීම විශේෂත්වයක්.

අද ප්‍රකාශයට පත් කෙරුණු නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පෙරමුණ හිමි කර ගෙන ඇත්තේ ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්.(‌ශ්‍රේණිගත ලකුණු 864 ක් සමගින්)

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 6ක් දවා ගනිමින් අශ්වින් දැක් වූ දක්ෂතාවය හේතුවෙනුයි ඔහු දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ.

නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 3 ක් බිද හෙලූ ඇන්ඩර්සන්ට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.(‌ශ්‍රේණිගත ලකුණු 859ක් සමගින්)

36 හැවිරිදි ආර්. අශ්වින් පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර පෙරමුණ හිමි කර ගත්තේ 2015 වසරේ දී යි. එතැන් සිට අවස්ථා කිහිපයකදීම ඔහු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණා.

පසුගිය සතියේ දී ඇන්ඩර්සන් පළමු ස්ථානයට පත් වීමත් සමග වසර 4ක කාලයක් ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණේ රැදී සිටි ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට තෙවැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදු වූ අතර, අද නිකුත් කෙරුණු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ද ඔහු තෙවැනි ස්ථානයේම රැදී සිටිනවා.(‌ශ්‍රේණිගත ලකුණු 858 ක් සමගින්)

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 10 ක් දවා ගත් රවීන්ද්‍ර ජඩේජා මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.