Ultimate magazine theme for WordPress.

සංවේදී සටහනක් තබමින් හිටපු ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා ඉතාලි ජාතික කණ්ඩායමට

ඔස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ජෝ බර්න්ස් ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ දී මිය ගිය සිය සහෝදරයාට උපහාරයක් ලෙස තමන් එම තීරණය ගත් බවයි බර්න්ස් සදහන් කළේ.

2024-25 තරග වාරය වෙනුවෙන් ජෝ බර්න්ස්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත කණ්ඩායමෙන් කොන්ත්‍රාත් ගිවිසුමක් ද හිමි නොවුණු පසුබිමකයි 34 හැවිරිදි ඔහු මෙලෙස ඉතාලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත්තේ.

සිය මව ඉතාලි ජාතික කාන්තාවක් වීම හේතුවෙන් ජෝ බර්න්ස්ට ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා කිසිදු බාධාවක් එල්ල වන්නේ නැහැ.

ඒ අනුව ජෝ බර්න්ස් 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

සිය සහෝදරයාට උපහාරයක් ලෙස ඔහු විසින් අංක 85 සිය ජර්සියේ සටහන් කර ගනිමින් (සහෝදරයා උපත ලබා ඇත්තේ ද 1985 වසරේ දී යි) ක්‍රීඩා කිරීමට ද තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා සමාජ තරගවලදී ඔහුගේ සහෝදරයා එම අංකය සහිත ජර්සියක් පැළද ක්‍රීඩා කර ඇති බව සදහන්.

බර්න්ස් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 23 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු ශතක 4ක් වාර්තා කළා. එක්දින තරග හයකදී ද ඔහු ඔස්ට්‍රේලියාව නියෝජනය කර තිබෙනවා.

ඉතාලි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජෝ බර්න්ස් මෙලෙස සිය සමාජ මාධ්‍ය ගිණුම්හි සටහනක් තබා තිබුණා.

 

View this post on Instagram

 

A post shared by Joe Burns (@joeburns441)