සංගක්කාරගේ සහාය පුහුණුකරු ධුරය නවසීලන්ත හිටපු සුපිරි වේග පන්දු යවන්නාට

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු හා වේග පන්දු යවන පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ශේන් බෝන්ඩ් පත් කර තිබෙනවා.
එළඹෙන 2024 තරග වාරය අරමුණු කර ගනිමින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි රෝයල්ස් කණ්ඩායම නිවේදනය කළේ.
පසුගිය තරග වාර දෙකේ දී රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.
කෙසේ වෙතත්, මාලිංග එළඹෙන තරග වාරයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ධූරය භාර ගෙන ඇති අතර, ඒ අනුව ඔහු වෙනුවටයි මෙම නව පත් කිරීම සිදු කිරීමට රෝයල්ස් කලමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.
මුම්බායි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළේ ද ශේන් බෝන්ඩ්.
ඔහු 2015 වසරේ දී මුම්බායි කණ්ඩායම සමග එක් වූ අතර, 2015 වසරේ සිට 2020 වසර දක්වා වූ කාලයේ දී මුම්බායි කණ්ඩායම ජයගත් අයි.පී.එල් ශූරතා 4 වෙනුවෙන් ශේන් බෝන්ඩ්ගෙන් ද ඉහළ දායකත්වයක් හිමි වුණා.
මේ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර නව පත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.
“Shane is one of the greatest fast bowlers of modern day cricket, and brings with himself a wealth of experience and knowledge having mentored some of the best in the business. He has served in the IPL and in India for a number of years and is well versed with the processes involved within the franchise ecosystem. He is someone who has a keen eye for helping the best become even better and we are delighted to welcome him to the franchise, and look forward to seeing the impact he can make towards moulding us into a title-winning team.”
මේ සම්බන්ධයෙන් ශේන් බෝන්ඩ් පල කර ඇත්තේ මෙවන් අදහසක් –
“I’m delighted to be joining the Royals. It’s a forward thinking franchise who are determined to do well and I’m excited about being part of their vision. The bowling group is a great mix of youth and experience, and it will be awesome to work alongside them,”