ෂම්මිගේ යොජනාව ඒකමතිකව සම්මත කරමින් ආසියානු ක්‍රිකට් මුල් පුටුව යළි ජේ ෂාහ්ට

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා ලෙස යළිත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් පත්ව තිබෙනවා.
අද(31) ඉන්දුනීසියාවේ බාලි හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී යි ඔහුගේ ධූර කාලය තවත් වසරක කාලයක් සදහා දීර්ඝ කිරීමට ඒකමතිකව තීරණය කර ඇත්තේ.
ජේ ෂාහ්ගේ ධූර කාල දිගුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් යෝජනා කළ බව ආසියානු ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්.
2021 වසරේ ජනවාරි මාසයේ දී යි ජේ ෂාහ් පළමු වරට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිධූරයට පත් වුණේ.
ධූර කාල දිගුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා තිබෙනවා.
“Under Mr. Shah’s guidance, the ACC has been instrumental in unearthing and promoting new talent in cricketing powerhouses like Bangladesh, India, Pakistan, and Sri Lanka. Also encouraging is the fact that, Jay has a proven record of boosting finances through commercial and broadcast deals and channelizing the finances to the grassroots level, uplifting the associate members”
මේ අතර, තවත් රටවල් දෙකක් අද දිනයේ දී ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ ජපානය (Japan Cricket Association) හා ඉන්දුනීසියාව (Persutan Cricket Indonesia) සිය කවුන්සලයේ නව සාමාජිකත්වය ලබා ගත් බවයි.
එමෙන්ම තජිකිස්ථාන ක්‍රිකට් සම්මේලනයට ද තාවකාලික පදනම මත සාමාජිකත්වය ලබා දී ඇති අතර, ඉදිරියේ දී එය ස්ථීර කිරීමට කටයුතු කරනු ඇති.