Ultimate magazine theme for WordPress.

ශුරතාවය සමග කෝටි 48 ක් හිමි කර ගන්න එන ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කෙරේ

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ද සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙවර අයි.පී.එල් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු තරගාවලිය අතරමග යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා. කෙසේ වෙතත්, පසුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී ඔහුගේ ආබාධය බරපතල නොවන බව හදුනා ගැණුනා. නමුත්, අවසන් මහා තරගය සදහා ඔහුගේ සහභාගීත්වය යම් අවිනිශ්චිත තත්ත්වයකයි පැවතුණේ.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සදහා හා එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා ඔස්ට්‍රේලියාව මීට පෙර ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබුණා.

කෙසේ වෙතත් ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ යුතුයි. ඒ අනුව මිචෙල් මාෂ් හා මැට් රේන්ෂෝ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කරමින් සෙසු ක්‍රීඩකයින් 15 දෙනා අවසන් තරගය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

හේසල්වුඩ් හැරුණු විට නායක පැට් කමින්ස්, මිචෙල් ස්ටක් හා ස්කොට් බෝලන්ඩ් ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත්.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 මුදලක් හෙවත් රුපියල් කෝටි 48 ක පමණ මුදලක් ද, අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් 800,000 ක මුදලක් ද පිරිනැමීමට නියමිත බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

Australia squad:

Pat Cummins (c), Scott Boland, Alex Carey (wk), Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Josh Inglis (wk), Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Todd Murphy, Steven Smith (vice-capt), Mitchell Starc, David Warner.

Standbys: Mitchell Marsh, Matt Renshaw

Leave a comment