Ultimate magazine theme for WordPress.

ශිවම් මාවි IPL තරගාවලියෙන් ඉවතට

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩක ශිවම් මාවිට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ, ඔහු මුහුණ දී සිටින ආබාධයක් හේතුවෙන්.

ලක්නව් කණ්ඩායම සමාජ මාධ්‍ය ගිණුම් වෙත වීඩියෝවක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළා.

ශිවම් මාවි ඉන්දීය රුපියල් කෝටි 6.4 ක මුදලකටයි ක්‍රීඩක වෙන්දේසියේ දී ලක්නව් කණ්ඩායම විසින් මිලදී ගත්තේ.

ඔහු අවසන් වරට වෘත්තීය ක්‍රිකට් තරගයක නිරත වී ඇත්තේ 2023 වසරේ අගෝස්තු මාසයේ දී යි.