Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා A සංචිතය නම් කෙරේ; අබාධයක් නිසා ලක්ෂාන් ඉවතට

සංචාරක පාකිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලි සඳහා වන ශ්‍රී ලංකා A සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් සමස්ථ සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනෙකු ඇතුළත්.

කෙසේ වෙතත්, ඊට ඇතුළත් වූ ධනංජය ලක්ෂාන් ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලි සඳහා සහභාගි වන්නේ නැහැ.

සංචිතයට නම් කර ඇති ශිරාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ලෝක කුසලාන විස්සයි 20 සංචිතය සමඟ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස එක්ව ඇති බැවින් පාකිස්තාන A කණ්ඩායමට එරෙහි තරගාවලි සදහා ක්‍රීඩා නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔවුන් දෙදෙනා වෙනුවට චාමික ගුණසේකර සහ ලහිරු සමරකෝන් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ලසිත් ඇඹුල්දෙනිය, විශ්ව ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, කමිල් මිෂාර, ලහිරු උදාර වැනි ක්‍රීඩකයින් ද සංචිතයට නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර ලබන 28 වනදා සිට සිව්දින තරග දෙකක් සහ එක් දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A සංචිතය –

01) Sadeera Samarawickrema – Captain
02) Nishan Madushka
03) Lahiru Udara
04) Lasith Croospulle
05) Kamil Mishara
06) Oshada Fernando
07) Nuwanidu Fernando
08) Nipun Dhananjaya
09) Sahan Arachchige
10) Shammu Ashan
11) Lasith Abeyratne
12) Dhananjaya Lakshan – Injured and will not take part
13) Kalana Perera
14) Shiran Fernando – He has joined the Sri Lanka T20 World Cup Squad as a ‘Reserve Player’
15) Mohamed Shiraz
16) Asitha Fernando
17) Himesh Ramanayake
18) Vishwa Fernando
19) Suminda Lakshan
20) Lasith Embuldeniya
21) Ashian Daniel
22) Duvindu Tillakaratne
23) Chamika Gunasekara – Comes in place of Shiran Fernando
24) Lahiru Samarakoon – Comes in place of Dhananjaya Lakshan

Leave a comment