Ultimate magazine theme for WordPress.

‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ T 20 තරගය කල් දැමේ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 තරගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ කණ්ඩායමේ ක්‍රීඩක උපුල් තරංගට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි මෙලෙස එම තරගය කල් දැමීමට තීරණය කර ඇත්තේ.

ඊයේ දිනයේ සිදු කළ PCR පරීක්ෂණවලදී මේ බව අණාවරණය වී ඇති බව සදහන්.

මැයි මස 04 වැනිදා මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම 20යි 20 තරගය පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI පිල හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරිය විසින්ද ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමාන 20යි 20 නායක දසුන් ශානක විසින්ද මෙහෙය වීමට නියමිතව තිබුණා.

Leave a comment