Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4ක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(20) ප්‍රකාශයට පත් කෙරුණු නවතම ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව එංගන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් පෙරේරා 47 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

එම තරගයේ දී ශතකයක් ලබා ගත් ළහිරු තිරිමාන්න 87 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 12කින්.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලසිත් ඇඹුල්දෙණිය 47 වන ස්ථානය දක්වා ස්ථාන 6කින් ද, අසිත ප්‍රනාන්දු 96 වන ස්ථානය දක්වා ස්ථාන 11කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

Leave a comment