Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර එක්දින තරගාවලියක්

එළඹෙන වසර දෙකක කාලය සදහා වන ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් අද(13) ප්‍රකාශයට පත් කළා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ 2022 හා 2023 වසර දෙක තුළ දි ඔවුන් එක්දින තරග 37කට, 20යි 20 තරග 12කට හා ටෙස්ට් තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

ඊට අමතරව ඔවුන් 2022 ආසියානු කුසලාන තරගාවලිය, 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය, 2023 ආසියානු කුසලාන තරගාවලිය හා 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට් තරග තුනෙන් එක් තරගයක් අයර්ලන්තයට එරෙහිව ද, අනෙක් තරග දෙක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ද පැවැත්වෙනවා.

එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ තරග කාලසටහනට අනුව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ද තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2023 වසරේ ජනවාරි මාසයේ දී එම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉදිරි වසර දෙකක කාලය තුළ දී ඉන්දියාවට, ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට එරෙහිව ද ඇෆ්ඝනිස්තානය ද්විපාර්ශ්වික තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

තරග කාලසටහන –

ACB
Leave a comment