Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කර තිබෙනවා.

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. අතිරේක ක්‍රීඩකයින් 6 දෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම තරග සංචාරයේ දී දෙරටේ යොවුන් ක්‍රිකට් කණ්ඩායම් අතර සිව්දින තරගයක් හා එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතයි.

තරග හයම කරච්චි හී දී පැවැත්වීමට නියමිත බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

හෙට (12) ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙරටින් පිටත්ව යාමට නියමිත අතර, ඔක්තෝබර් 15 වැනිදා සිට 31 වැනිදා දක්වා තරග පැවැත්වීමට නියමිතයි.

සිව්දින තරගය ඔක්තෝබර් 15 වැනිදා ආරම්භ වනවා. එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 22 වැනිදා සිට 31 වැනිදා දක්වායි.

ප්‍රධාන වශයෙන් 2024 වසරේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය පැවැත්වෙනවා.

Squad :

1. Sineth Jayawardena (Captain) – Royal College, Colombo
2. Malsha Tharupathi (Vice-Captain) – Richmond College, Galle
3. Pulindu Perera – Dharmaraja College, Kandy
4. Vishen Halabage – St. Peter’s College, Colombo
5. Ravishan Nethsara – P. De S. Kularathna Vidyalaya, Ambalangoda
6. Sarujan Shanmuganathen – St. Benedict’s College, Colombo
7. Dinura Kalupahana – Mahinda College, Galle
8. Vihas Thevmika – Thurstan College, Colombo
9. Vishwa Lahiru – Sri Sumangala College, Panadura
10. Garuka Sanketh – Lyceum International School, Wattala
11. Ruvishan Perera – Ananda College, Colombo
12. Kaveesha Piyumal – St. Anthony’s College, Katugastota
13. Hiran Jayasundara – St. Joseph’s College, Colombo
14. Geethika De Silva – St. Anne’s College, Kurunegala
15. Rushanda Gamage – St. Peter’s College, Colombo
16. Manula Kularathne – Trinity College, Kandy

Standby

1. Supun Waduge – Trinity College, Kandy
2. Dinuru Abeywickramasinghe – St. Servatius’ College, Matara
3. Janith Fernando – Joseph Vaz College, Wennappuwa
4. Dinuka Tennakoon – Trinity College, Kandy
5. Ranuka Malaviarachchi – Royal College, Colombo
6. Vishwa Rajapaksha – Joseph Vaz College, Wennappuwa

Schedule:

15-18 October – Four-day match

22 October – First One-Day

24 October – Second One-Day

27 October – Third One-Day

29 October – Fourth One-Day

31 October – Fifth One-Day