ශ්රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සිව්කොන් තරගාවලියක

ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ඉන්දීය තරග සංචාරය නිරත වීමට නියමිතව ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද(8) නිවේදනය කළා.
මෙම සංචාරයේ දී ශ්රී ලංකා යොවුන් කාන්තා පිල සිව්කොන් 20යි 20 ක්රිකට් තරගාවලියක් ක්රීඩා කිරීමට නියමිතයි.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා A හා B කණ්ඩායම් මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම මෙම තරගාවලියට එක් වන සෙසු කණ්ඩායම් තුනයි.
නොවැම්බර් 9 වැනිදා ශ්රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 19 වැනිදායි.
ශ්රී ලංකා තරග කාලසටහන –
