Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – පාකිස්තාන තරග කාලසටහන නිවේදනය කෙරේ

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(20) නිවේදනය කළා.

ඒ අනුව ටෙස්ට් තරග දෙකක් ඇතුළත් මෙම තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් පාකිස්තාන කණ්ඩායම ජූලි 9 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට පෙර පාකිස්තාන කණ්ඩායම ජූලි 11 වැනිදා හා 12 වැනිදා දෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එම තරගය පැවැත්වෙන්නේ කුමන ක්‍රීඩාංගනයේ දී දැයි මෙතෙක් තීරණය කර නැහැ.

පළමු ටෙස්ට් තරගය ජූලි 16 වැනිදා ගාල්ලේ දී ද, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ 2023-25 අදියර යටතේ කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.

ටෙස්ට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය ද පසුගියදා නම් කෙරුණු අතර, ටෙස්ට් සංචිතය සදහා යළි වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි කැදවීමටයි පියවර ගෙන තිබුණේ.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Mohammad Huraira හා Aamir Jamal ද ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්.

Pakistan squad:

Babar Azam (c), Mohammad Rizwan (vc & wk), Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Afridi and Shan Masoo