ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (16) ගාල්ලේ දී ආරම්භ වනවා.
පළමු තරගය හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතව ඇති අතර, දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.
තරගාවලියට එක්වන තරග නිළධාරීන් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(15) නිවේදනය කළා.
ඒ අනුව ජෙෆ් ක්‍රෝ මෙම තරගාවලියේ තරග තීරක ලෙස කටයුතු කිරීමට නියමිතයි.
තරගාවලිය සදහා විනිසුරුවන් 5 දෙනෙකු නම් කර තිබෙනවා. ඊට ශ්‍රී ලංකා විනිසුරුවරුන් තිදෙනෙකු හා විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙකු ඇතුළත්.
Match Officials :
- ICC Match Referee –
Jeff Crowe
- Umpiring Panel –
Kumar Dharmasena – ICC Elite Panel Umpire
Marais Erasmus – ICC Elite Panel Umpire
Rod Tucker – ICC Elite Panel Umpire
Raveendra Wimalasiri – ICC Umpire
Ruchira Palliyaguruge – ICC Umpire