Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව කෙන්ට් පිලෙන් පළමු දිනයේ දී දැවැන්ත ලකුණු පුවරුවක්

Day 1 Report

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(6) නිමා වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කෙන්ට් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 418ක්.

කෙන්ට් කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 95ක්ව තිබියදී දවා ගැනීමට ශ්‍රී ලංකා නැගීඑන පන්දු යවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත්, අනතුරුව 5 වැනි කඩුල්ල සදහා Darren Stevens හා George Linde අතරේ ගොඩ නැගුණු සබදතාවය ලකුණු 264ක්.

Darren Stevens ලකුණු 168කට දවා ගැනීමට උදිත් මධුෂාන් සමත් වීමත් සමගයි එම සබදතාවය බිද වැටුණේ.(දර්ශන පහතින්)

ඒ වන විට සමස්ත ලකුණු පුවරුව ලකුණු 359ක් ලෙස සටහන්ව තිබුණා. George Linde ලකුණු 107කට දැවී ගියා.

ආරම්භක පිතිකරු Marcus O’Riordan ලකුණු 31ක් ද, ජෝ ඩෙන්ලි ලකුණු 35ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී උදිත් මධුෂාන් හා ධනංජය ලක්ෂාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

යසිරු රොද්‍රිගෝ හා අශේන් බණ්ඩාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

බ්‍රිතාන්‍යයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේ දී යි මෙම තරගය පැවැත්වෙන්නේ.