Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන ලකුණු ; කාළගුණ වාර්තාව මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(17) මෙරට වේලාවෙන් අලුයම 3.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගය වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, තරගාවලියේ පළමු තරගය කඩුලු 2 කින් ජය ගත් නවසීලන්තය මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

2018 වසරේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීම වෙනුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් සම්පූර්ණ එක් දිනයක්ම පිතිකරණයේ නිරත වූයේ මෙම ක්‍රීඩාංගනයේ දී යි.

එමෙන්ම 2006 වසරේ දී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වෙලින්ටන් ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් තරගයක් ජය ගැනීමට ද සමත් වුණා.

හෙට තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම සුළු වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කළේ මෙම තරගයට යොදා ගන්නා තණතීරුව තුළ පළමු තරගයට යොදා ගත් තණතීරුවට වඩා තණකොල පවතින බැවින් වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු සමග හෙට තරගයට ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වෙනුවට විශ්ව ප්‍රනාන්දු මෙම තරගයට බොහෝ විට ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා. එමෙන්ම පළමු තරගයේ දී අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මදුෂ්ක දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට ද ඉඩ පවතින අතර, එසේ වුවහොත් එය ඔහුගේ මංගල ටෙස්ට් තරගය වනු ඇති.

මදුෂ්ක හෙට තරගයට ක්‍රීඩා කළහොත් ඔහු කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස ද කටයුතු කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

මේ අතර, ආබාධයකට ලක් වූ නෙයිල් වෑග්නර් වෙනුවට ඩග් බ්‍රේස්වෙල් හෙට තරගයේ දී නවසීලන්තය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවට වාර්තා වන අතර, එසේ වුවහොත් එය ඔහු 2016 වසරෙන් පසුව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය වනු ඇති.

මේ අතර, මෙම තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වීමට ඉඩ පවතින බව කාළගුණ වාර්තා සලකා බැලීමේ දී දක්නට ලැබෙන කරුණක්.

තරගයේ පළමු දින දෙක සඳහා සහ අවසන් දිනය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි අවස්ථාවක් පවතින බවයි කාළගුණ වාර්තා පෙන්වා දෙන්නේ

ඉදිරි දින පහේ කාළගුණ වාර්තාව –

AccuWeather
Leave a comment