Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වෙනස්කම් කිහිපයක්

ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක යළි පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

ඔහුට ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කොවිඩ් 19 ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් ඔහුව පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට පසුගියදා තීරණය කෙරුණා.

මේ අතර, ආබාධයකට ලක්ව සිටින දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කිරීමට ද ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඔහුගේ දකුණු අතේ ඇගිල්ලක් ආබාධයකට ලක්ව ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මහීෂ් වෙනුවට ලක්ෂිත මනසිංහ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර තිබෙනවා.

පැතුම් නිස්සංක හා ලක්ෂිත මනසිංහ අද දිනයේදී ශ්‍රී ලංකා සංචිතය සමග එක් වන බවද ක්‍රිකට් ආයතනය සදහන් කළා.