Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – කාම්බෝජය අතර තරගය ජය පරාජයෙන් තොර වෙයි

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග යටතේ කාම්බෝජය සමග අද ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.

තරගයේ නියමිත කාලය නිමා වන විට කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.

කොළඹ තුරග තරග පිටියේ දී මෙම තරගය පැවැත්වුණා.

ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර දෙවැනි අදියරේ තරගය එළඹෙන 10 වැනිදා කාම්බෝජයේ දී පැවැත්වීමට නියමිතයි.