Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

එළඹෙන ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(28) දිවයිනෙන් පිටත්ව ගියා.

තරගාවලිය ඔක්තෝබර් පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශයේ සිල්හෙට් හී දී යි.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් පළමු වැනිදා ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රටවල් 7 ක් මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කරන අතර, ආසියානු කුසලාන කාන්තා තරගාවලිය සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමු වරට ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්.

තරගාවලියේ අවසන් පූර්ව තරග ඔක්තෝබර් 13 වැනිදා පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 වැනිදායි.

Sri Lanka Squad :
01) Chamari Athapaththu – Captain
02) Hasini Perera
03) Harshitha Samarawickrama
04) Kaveesha Dilhari
05) Nilakshi de Silva
06) Anushka Sanjeevani (WK)
07) Kaushini Nuthyanga
08) Oshadhi Ranasinghe
09) Malsha Shehani
10) Madushika Meththananda
11) Inoka Ranaweera
12) Rashmi Silva
13) Sugandika Kumari
14) Achini Kulasooriya
15) Tharika Sewwandi