Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ තරග කාලසටහන අද(14) පාකිස්තාන හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් නිවේදනය කළා.

මැයි හා ජූනි මාසයට යෙදී ඇති මෙම තරග සංචාරයේ දී දෙරටේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර 20යි 20 හා එක්දින තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.

තරග සංචාරය ආරම්භ කරමින් පළමු 20යි 20 තරගය මැයි 24 වැනිදා කරච්චි හී දී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අවසන් වන්නේ මැයි 28 වැනිදායි.

ජූනි පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා තරග 3කින් යුත් එක්දින තරගාවලිය කරච්චි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට අයත් වනවා.

කාලසටහන –

19 May – Teams arrive in Karachi

21-23 May – Training

24 May – First T20I (Karachi’s Southend Club)

26 May – Second T20I (Karachi’s Southend Club)

28 May – Third T20I (Karachi’s Southend Club)

1 Jun – First ODI (Karachi’s Southend Club)

3 Jun – Second ODI (Karachi’s Southend Club)

5 Jun – Third ODI (Karachi’s Southend Club)