Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් IPL ගිය හේතුව භානුක පහදයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට අවස්ථාව හිමි වූයේ නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී හා සිය රටේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා හේතුවෙන් බව පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ(25) පැවැති තරගයෙන් ලකුණු 11ක ජයක් හිමි කර ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් භානුක ඒ බව කියා සිටියා.

පසුගිය වසර කිහිපය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් සුබදායී කාලයක් නොවුණ බව භානුක මෙහිදී සිහිපත් කළා.

එය එසේ වුවද, විශේෂයෙන්ම නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා හේතුවෙන් අයි.පී.එල් කණ්ඩායම්වල අවධානය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙත යොමු වූ බව භානුක රාජපක්ෂගේ අදහසයි.

“අපි හැමෝටම මෙහෙ ඇවිල්ලා හොදම ක්‍රීඩකයින් සමග ක්‍රීඩා කරන්න ලැබීම හොද අවස්ථාවක්. එකිනෙකා දැන හදුනා ගන්න ලැබෙනවා.” යනුවෙන් ඔහු මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

“අපිට මෙතනින් ලැබෙන නිරාවරණය අතිවිශාලයි. ඉතිං තෝරා ගත් සියලු ක්‍රීඩකයින් ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මම හිතනවා ශ්‍රී ලංකාවේ තවත් දක්ෂ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා කියලා.”