Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ, විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ඔහු සමග ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම ගිවිසුම්ගත වීමත් සමගයි.

ඔහුට අමතරව දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න සමගින් ද නයිට් රයිඩර්ස් කණ්ඩායම ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඔහු අවසන් වරට 2019 වසරේ දී ද ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

විදෙස් ක්‍රීඩකයින් ලෙස එම කණ්ඩායම ගිවිසුම්ගත වී ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ නවසීලන්තයේ කොලින් මන්රෝ, අමෙරිකාවේ අලී ඛාන් හා නවසීලන්තයේ ටිම් සෙයිෆර්ට් යන ක්‍රීඩකයින්.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය St Kitts & Nevis, Saint Lucia, Trinidad & Tobago, Guyana හී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Leave a comment