Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තේරීම් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් කනිෂ්ඨ තේරීම් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කර තිබෙනවා.

2023 වසර සදහා මෙම පත් කිරීම සිදු කර ඇත්තේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් ආවරණය වන පරිදි දීප ව්‍යාප්තව දක්ෂ ක්‍රීඩකයින් සෙවීමේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහායි.

මෙම සම්බන්ධීකාරකවරුන් කණිෂ්ඨ තේරීම් කමිටුව, දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන්, ජාතික පුහුණුකරුවන් හා පාසල් පුහුණුකරුවන් ඇතුළු සෙසු බළධාරීන් සමග එක්ව කටයුතු කරනු ඇති.

ඒ ඔස්සේ දක්ෂ යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනා ගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රමය ඔස්සේ ඔවුන් අනාගතයේ දී දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත් කිරීමට මග සකස් කිරීම මෙහිදී ඔවුන්ට පැවෙරෙන වගකීමයි.

රටේ සෑම පළාත් ක්‍රිකට් කලාපයකටම සම්බන්ධීකාරකවරුන් අනුයුක්ත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පත් කෙරුණු සම්බන්ධීකාරකවරුන් –

1. Malik Keerthi Fernando – Western Province North Outer
2. Jaliya Jayantha – Western Province North
3. Kamal Sujeewa – Western Province South Outer
4. Kanishka Perera – Western Province South
5. D.M. Jayarathne – Western Province Center
6. Y. Nishantha Kumara – Southern Province
7. Pujitha Peelipotha – Uva Province
8. Indika Hettiarachchi – Eastern Province
9. Pasupathi Ganesh Kumara – Central Province
10. Keerthi Gunarathne – North Central Province
11. Gopikrishnan Gopikrishna – Northern Province
12. A.P. Attapaththu – North Western Province