Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් දැඩි බාධා

Day 1 Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණු තරගය අද(10) ආරම්භ වුණා.

ඒ, බංග්ලාදේශයේ ඩකා දිස්ත්‍රික්කයේ සවර් නගරයේ Bangladesh Krira Shikkha Protisthan No 3 ක්‍රීඩාංගනයේ දී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 8.3ක් පමණයි.

ඒ වන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 14ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 2(18)කට දැවී ගියා.

ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 7ක් ද, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 5ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Mukidul Islam ලකුණු 6කට එක් කඩුල්ලක් බිද හෙලුවා.