Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව 212කට සීමා වෙයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(29) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 212ක්.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 58ක් ලබා ගත්තා. පන්දු 59කින් ඔහු වාර්තා කළ එම ලකුණු ප්‍රමාණයට හතරේ පහර 6ක් ඇතුළත්.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 39ක්, නායක දිමුත් කරුණාරත්න ලකුණු 28ක් හා පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස් කළා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 22යි.

ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලකුණු 97 දී බිද වැටුණු අතර, අනතුරුව දික්වැල්ල හා මැතිව්ස් අතර 6 වැනි කඩුල්ල සදහා ලකුණු 42(41)ක සබදතාවයක් ගොඩ නැගුණා.

මැතිව්ස්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස්, දික්වැල්ල සමග එක් වී 7 වැනි කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 54(64)ක්.

පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 90කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

මිචෙල් ස්වෙප්සන් කඩුලු 3ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක් හා පැට් කමින්ස් කඩුල්ල බැගින් බිද හෙලුවා.