Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව අද තරග බිමට ; සුදුසුකම් ලැබීමේ තරගාවලියේ විකාශන කටයුතු වෙන්නේ මෙහෙමයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (13) ආරම්භ වනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව අද හා එළඹෙන 15 වැනිදා පුහුණු තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙක නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය අද පස්වරු 12:30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව මූලික වටයේ දී B කාණ්ඩයෙන් තරග වදින අතර, මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස TV මාධ්‍ය ජාලය විසින් හිමි කර ගෙන තිබෙනවා.

එමෙන්ම තරගාවලිය Star Sports 1 නාලිකාව ඔස්සේ ද  සජීවීව විකාශය කිරීමට නියමිතයි.

Qualifier Fixtures (All matches start at 9:00am local time)

  • Sunday, 18 June
    Zimbabwe v Nepal, Harare Sports Club
    West Indies v USA, Takashinga Cricket Club
  • Monday, 19 June
    Sri Lanka v UAE, Queen’s Sports Club
    Ireland v Oman, Bulawayo Athletic Club
  • Tuesday, 20 June
    Zimbabwe v Netherlands, Harare Sports Club
    Nepal v USA, Takashinga Cricket Club
  • Wednesday, 21 June
    Ireland v Scotland, Queen’s Sports Club
    Oman v UAE, Bulawayo Athletic Club
  • Thursday, 22 June
    West Indies v Nepal, Harare Sports Club
    Netherlands v USA, Takashinga Cricket Club
  • Friday, 23 June
    Sri Lanka v Oman, Queen’s Sports Club
    Scotland v UAE, Bulawayo Athletic Club
  • Saturday, 24 June
    Zimbabwe v West Indies, Harare Sports Club
    Netherlands v Nepal, Takashinga Cricket Club
  • Sunday, 25 June
    Sri Lanka v Ireland, Queen’s Sports Club
    Scotland v Oman, Bulawayo Athletic Club
  • Monday, 26 June
    Zimbabwe v USA, Harare Sports Club
    West Indies v Netherlands, Takashinga Cricket Club
  • Tuesday, 27 June
    Sri Lanka v Scotland, Queen’s Sports Club
    Ireland v UAE, Bulawayo Athletic Club
  • Thursday, 29 June
    Super 6: A2 v B2, Queen’s Sports Club
  • Friday, 30 June
    Super 6: A3 v B1, Queen’s Sports Club
    Playoff: A5 v B4, Takashinga Cricket Club
  • Saturday, 1 July
    Super 6: A1 v B3, Harare Sports Club
  • Sunday, 2 July
    Super 6: A2 v B1, Queen’s Sports Club
    Playoff: A4 v B5, Takashinga Cricket Club
  • Monday, 3 July
    Super 6: A3 v B2, Harare Sports Club
  • Tuesday, 4 July
    Super 6: A2 v B3, Queen’s Sports Club
    Playoff: 7th v 8th Takashinga Cricket Club
  • Wednesday, 5 July
    Super Six: A1 v B2, Harare Sports Club
  • Thursday, 6 July
    Super Six: A3 v B3, Queen’s Sports Club
    Playoff: 9th v 10th Takashinga Cricket Club
  • Friday, 07 July
    Super Six: A1 v B1, Harare Sports Club
  • Sunday, 09 July
    Final, Harare Sports Club
Leave a comment