Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ලැබූ ජයෙන් පසු අලුත් වූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන

බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 328 ක දැවැන්ත ජයක් ලබමින් 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට සිය පළමු ප්‍රසාද ලකුණු 12 එක්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, සිල්හෙට්හි පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 511 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 182 කට දවා ගනිමින්.

Match Report – වේග පන්දු යවන්නන්, ධනංජය හා කමිදු ශ්‍රී ලංකාවට ලකුණු 328 ක දැවැන්ත ජයක් හිමි කර දෙයි

මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග දෙකක් (පාකිස්තානයට එරෙහිව) ක්‍රීඩා කර තිබූ අතර, එම තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබුණා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව මෙතෙක් අවසන් ස්ථානයේ (9 වැනි ස්ථානය) පසු වූ අතර, අද ලැබූ ජයත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

අද තරගයේ ප්‍රතිපලයත් සමග මෙතෙක් 5 වැනි ස්ථානයේ පසු වූ පාකිස්තානය සිව්වැනි ස්ථානය දක්වා ද, 6 වැනි ස්ථානයේ පසු වූ කොදෙව්වන් 5 වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙතෙක් සිව්වැනි ස්ථානයේ රැදී සිටි බංග්ලාදේශයට මේ වන විට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි.

Leave a comment