Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ඇතුළු සෙසු රටවල් අවසන් පූර්ව වටයට යන්න කළ යුතු දේ මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසන් වීමට තවත් ඉතිරිව ඇත්තේ තරග 14 ක් පමණයි.

මේ වන විට බංග්ලාදේශය හා පාකිස්තානය තරග 7 බැගින් ක්‍රීඩා කර ඇති අතර, සෙසු සියලු රටවල් තරග 6 බැගින් ක්‍රීඩා කර තිබෙනවා.

ඊයේ පාකිස්තානය හමුවේ ලද පරාජයත් සමග මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ පළමු කණ්ඩායමට බවට බංග්ලාදේශය පත් වුණා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ සියලු තරග ජය ගත් ඉන්දියාවට හිමිව ඇති අතර, ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 ක්.

දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු 10 ක් ද, නවසීලන්තයට හා ඔස්ට්‍රේලියාවට ප්‍රසාද ලකුණු අට බැගින් ද හිමියි.

ඒ ඒ රටවල් සුදුසුකම් ලැබීමට සිදු කළ යුතු දේ –

1 : ඉන්දියාව 

ජයග්‍රහන: 6, පරාජ : 0, ප්‍රසාද ලකුණු 12, ශුද්ධ ලකුණු වේගය : +1.405
ඉතිරි තරග : ශ්‍රී ලංකාව , දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය

ඉන්දියාව තමන්ට හිමි ඉතිරි තරග තුනෙන් එක් තරගයක් ජය ගතහොත් ඔවුන් අනිවාර්යයෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා. ඔවුන් සෙසු තරග තුනම පරාජයට පත් වුවද, ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සටහන් කරගතහොත් ඉන්දියාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා  හැකියි. (කණ්ඩායම් තුනකට වැඩියෙන් ප්‍රසාද ලකුණු 12 සීමාවට ළගා වුවහොත් එලෙස ශුද්ධ ලකුණු වේගය බලපානු ඇත)

‍2: දකුණු අප්‍රිකාව

ජයග්‍රහන: 5, පරාජ : 1, ප්‍රසාද ලකුණු 10, ශුද්ධ ලකුණු වේගය : +2.032
ඉතිරි තරග : නවසීලන්තය, ඉන්දියාව, ඇෆ්ඝනිස්තානය

ඉතිරි තරග තුනෙන් අවම වශයෙන් තරග දෙකක් ජයගතහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට අනිවාර්යයෙන්ම සුදුසුකම් ලබා ගත හැකියි. එක් තරගයක් ජය ගතහොත් හෝ කිසිදු තරගයක් ජය නොගතහොත් ශුද්ධ ලකුණු වේගය අතින් ඉදිරියෙන් පසුවුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසිය හැකියි.

3: නවසීලන්තය

ජයග්‍රහන: 4, පරාජ : 2, ප්‍රසාද ලකුණු 8, ශුද්ධ ලකුණු වේගය : +1.232
ඉතිරි තරග : දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව

ඉතිරි තරග තුනම ජය ගතහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට අනිවාර්යයෙන්ම සුදුසුකම් ලබා ගත හැකියි. තරග දෙකක් හෝ තරගයක් පමණක් ජයගතහොත් ශුද්ධ ලකුණු වේගය අතින් ඉදිරියෙන් පසුවුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසිය හැකියි.

4: ඔස්ට්‍රේලියාව

ජයග්‍රහන: 4, පරාජ : 2, ප්‍රසාද ලකුණු 8, ශුද්ධ ලකුණු වේගය : +0.970
ඉතිරි තරග : එංගලන්තය, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය

ඉතිරි තරග තුනම ජය ගතහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට අනිවාර්යයෙන්ම සුදුසුකම් ලබා ගත හැකියි. තරග දෙකක් හෝ තරගයක් පමණක් ජයගතහොත් ශුද්ධ ලකුණු වේගය අතින් ඉදිරියෙන් පසුවුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසිය හැකියි.

5: පාකිස්තානය

ජයග්‍රහන: 3, පරාජ : 4, ප්‍රසාද ලකුණු 6, ශුද්ධ ලකුණු වේගය : -0.024
ඉතිරි තරග : නවසීලන්තය, එංගලන්තය

ඉතිරි තරග දෙකම ජය ගනිමින් ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සටහන් කරගතහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් හිමි විය හැකියි‍.

පාකස්තානය එක් තරගයක් ජය ගතහොත් ? – නවසීලන්තය හා/හෝ ඔස්ට්‍රේලියාව ඉතිරි තරග සියල්ල පරාජයට පත් වී ඇෆ්ඝනිස්තානය ඉතිරි තරග තුනෙන් තරග දෙකක් පරාජයට පත් වුවහොත්, ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සටහන් කර ගනිමින් පාකිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසිය හැකි වනු ඇති.

6: ඇෆ්ඝනිස්තානය

ජයග්‍රහන: 3, පරාජ : 3, ප්‍රසාද ලකුණු 6, ශුද්ධ ලකුණු වේගය : -0.718
ඉතිරි තරග : නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව

ඉතිරි තරග තුනම ජය ගනිමින් ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සටහන් කරගතහොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන්ට ඉහළ අවස්ථාවක් පවතිනවා.

7: ශ්‍රී ලංකාව

ජයග්‍රහන: 2, පරාජ : 4, ප්‍රසාද ලකුණු 4, ශුද්ධ ලකුණු වේගය : -0.275
ඉතිරි තරග : ඉන්දියාව, බංග්ලාදේශය, නවසීලන්තය

ඉතිරි තරග තුනම ජයගතහොත් හා ඔස්ට්‍රේලියාවට, නවසීලන්තයට හා/හෝ ප්‍රසාද ලකුණු 10ක් ලබා ගත හැකි වෙනත් ඔනෑම රටකට වඩා  ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සටහන් කරගතහොත් යම් අවස්ථාවක් හිමි විය හැකියි.

නවසීලන්තය හා/හෝ ඔස්ට්‍රේලියාව ඉතිරි තරග තුනෙන් තරග 2ක් පරාජයට පත් වීම අනිවාර්යයෙන් සිදු විය යුතුයි.

ශ්‍රී ලංකාව තරග දෙකක් ජයගතහොත් ද අනෙකුත් තරග ප්‍රතිපල ශ්‍රී ලංකාවට වාසිසහගත අයුරින් අවසන් වුවහොත් හා ශුද්ධ ලකුණු වේගය ඉදිරියෙන් පැවතියහොත් යම් අවස්ථාවක් උදා කර ගත හැකියි.

8: නෙදර්ලන්තය

ජයග්‍රහන: 2, පරාජ : 4, ප්‍රසාද ලකුණු 4, ශුද්ධ ලකුණු වේගය : -1.277
ඉතිරි තරග : ඇෆ්ඝනිස්තානය, එංගලන්තය, ඉන්දියාව

ඉතිරි තරග තුනම ජයගතහොත් හා ඔස්ට්‍රේලියාවට, නවසීලන්තයට හා/හෝ ප්‍රසාද ලකුණු 10ක් ලබා ගත හැකි වෙනත් ඔනෑම රටකට වඩා  ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සටහන් කරගතහොත් යම් අවස්ථාවක් හිමි විය හැකියි.

නවසීලන්තය හා/හෝ ඔස්ට්‍රේලියාව ඉතිරි තරග තුනෙන් තරග 2ක් පරාජයට පත් වීම අනිවාර්යයෙන් සිදු විය යුතුයි.

9: බංග්ලාදේශය

ජයග්‍රහන: 1, පරාජ : 6, ප්‍රසාද ලකුණු 2, ශුද්ධ ලකුණු වේගය : -1.446
ඉතිරි තරග : ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය නොහැකියි.

10: එංගලන්තය

ජයග්‍රහන: 1, පරාජ : 5, ප්‍රසාද ලකුණු 2, ශුද්ධ ලකුණු වේගය : -1.652
ඉතිරි තරග : ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, පාකිස්තානය

ඉතිරි තරග තුනම ජය ගත යුතු අතර, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා/හෝ ප්‍රසාද ලකුණු 8ක් ලබා ගත හැකි වෙනත් ඔනෑම රටක් අභිබවා යා හැකි ශුද්ධ ලකුණු වේගයක් පවත්වා ගත යුතුයි.

නවසීලන්තය හා/හෝ ඔස්ට්‍රේලියාව ඉතිරි තරග සියල්ල පරාජයට පත් වීම ද සිදු විය යුතුයි.

පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය යන රටවලින් එක් රටකට වැඩි ප්‍රමාණයක් ප්‍රසාද ලකුණු 10 ක් ලබා නොගත යුතුයි.

Leave a comment