Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ සංචිතයට තවත් වෙනසක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට තවත් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක මොසඩැක් හොසේන් සංචිතයට ඇතුළත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මීට පෙර නයීම් හසාන් ද සංචිතයට නම් කිරීමට පියවර ගත්තේ ආබාධයකට ලක් වූ මෙහිදි හසාන් වෙනුවටයි.

පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණින් මොසඩැක් හොසේන් බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට නම් කර ඇති බව සදහන්.

ඔහුව සංචිතයට නම් කිරීමත් සමග බංග්ලාදේශ සංචිතය මේ වන විට ක්‍රීඩකයින් 17 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

Squad:

Mominul Haque Showrab (C), Tamim Iqbal Khan, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mushfiqur Rahim, Shakib Al Hasan, Liton Kumer Das, Yasir Ali Chowdhury, Taijul Islam, Nayeem Hasan, Ebadot Hossain Chowdhury, Syed Khaled Ahmed, Quazi Nurul Hasan Sohan, Rejaur Rahman Raja, Shohidul Islam, Shoriful Islam (subject to fitness), Mosaddek Hossain Saikat.