Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට එංගලන්ත යොවුන් සංචිතයට 5 දෙනෙකු කැදවයි

පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත යොවුන් සංචිතයට තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

එලෙස ඇතුළත් කර ඇත්තේ Tom Lawes, Yousef Majid, Stan McAlindon, James Rew හා James Sales යන ක්‍රීඩකයින්.

Tommy Boorman සංචිතයෙන් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Chelmsford හී දී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තය පරාජයට පත් වූයේ කඩුලු 3කින්.

දෙවැනි ටෙස්ට් තරගය Derby හී දී එළඹෙන 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

England U19 squad :
Ben McKinney (Durham – captain)
Tom Aspinwall (Lancashire)
George Bell (Lancashire)
Ben Cliff (Yorkshire)
Bertie Foreman (Sussex)
Alex Horton (Glamorgan)
Matthew Hurst (Lancashire)
Eddie Jack (Hampshire)
Dominic Kelly (Hampshire)
Tom Lawes (Surrey)
Stan McAlindon (Durham)
Ben Parker (Worcestershire)
James Rew (Somerset)
James Sales (Northamptonshire)
Harry Singh (Lancashire)
Ross Whitfield (Durham)
Yousef Majid (Surrey)