ශ්‍රී ලංකාවට එරෙහි අයර්ලන්ත සංචිතය නම් කෙරේ
අයර්ලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වන හැරී ටෙක්ටර්ගේ බාල සහෝදරිය වන Alice Tector ද පළමු වරට අයර්ලන්ත එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හා තරග දෙකකින් යුත් විස්සයි 20 තරගාවලිය සදහා වන අයර්ලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා.
Laura Delany නායකත්වය දරන විස්සයි 20 හා එක්දින සංචිතවලට ක්‍රීඩිකාවන් 14 දෙනෙකු බැගින් ඇතුළත්.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට ද අයත් වනවා.
අයර්ලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වන හැරී ටෙක්ටර්ගේ බාල සහෝදරිය වන Alice Tector ද පළමු වරට අයර්ලන්ත එක්දින සංචිතයට නම් කර තිබෙනවා.
විස්සයි 20 තරගාවලිය අගෝස්තු 11 වැනිදා ද, එක්දින තරගාවලිය අගෝස්තු 16 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.
T20I Squad: Laura Delany (c), Ava Canning, Christina Coulter-Reilly, Alana Dalzell, Amy Hunter, Arlene Kelly, Gaby Lewis, Jane Maguire, Cara Murray, Leah Paul, Orla Prendergast, Una Raymond-Hoey, Freya Sargent, Rebecca Stokell
ODI Squad: Laura Delany (c), Ava Canning, Alana Dalzell, Amy Hunter, Arlene Kelly, Gaby Lewis, Joanna Loughran, Aimee Maguire, Leah Paul, Orla Prendergast, Una Raymond-Hoey, Freya Sargent, Rebecca Stokell, Alice Tector
Series schedule:
First T20I: August 11, Pembroke
Second T20I: August 13, Pembroke
First ODI: August 16, Stormont
Second ODI: August 18, Stormont
Third ODI: August 20, Stormont