Ultimate magazine theme for WordPress.

ශකීල් හා සයීම් පළමු දිනයේ වැඩි ගෞරව පාකිස්තානයට හිමි කර දෙයි

Day 1 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(21) රාවල්පින්ඩිහී දී ආරම්භ වුණා.

වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ක්‍රීඩාංගනයේ පැවැති තෙත සහිත තත්ත්වය නිසා තරගය ආරම්භ කිරීම පැය කිහිපයකින් ප්‍රමාද වූ අතර, ඒ හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 41 ක් පමණයි.

දිනය නිමා වන විට කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් ලබා සිටියා.

ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 16 ක් තුළ බිද වැටුණා. ඒ, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු දෙකකටත්, නායක ශාන් මසූඩ් ලකුණු හයකටත්, බාබර් අසාම් ලකුණු නොලබාත් දැවී යාමත් සමගයි.

ශාන් මසූඩ් කඩුලු රකින්නාට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අයෙකු බවට තෙවන විනිසුරු මෙම තරගයේ දී ලබා දුන් තීන්දුව යම් මතභේදාත්මක තත්ත්වයක් ද නිර්මාණය කළා. (දර්ශන පහතින්)

ආරම්භක පිතිකරු සයීම් අයුබ් ලකුණු 56 ක් ලබා ගත් අතර, සවුද් ශකීල් නොදැවී ලකුණු 57 ක් හා මොහමඩ් රිස්වාන් නොදැවී ලකුණු 24 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා හසාන් මහ්මුද් කඩුලු 2 බැගින් බිද හෙලුවා.